Gossips

කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවු‍රේ නිලධාරියෙක් හදිසියේ මියයයි

කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවු‍රේ පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටි සිවිල් ආරක්ෂක උප නියාමකවරයෙකු හදිසියේ ඇතිවූ රෝගාබාධයකින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ නාරම්පනාව – මොනරාගල පදිංචිව සිටි සිවිල් ආරක්ෂක උප නියාමකවරයෙකු වන (59494) රණහාමි බණ්ඩාරලාගේ ගුණපාල නමැති 41 හැවිරිදි නම් අයෙක්.
මිය ගොස් ඇති අය කල්පිටිය – කන්දකුලියේ පිහිටි සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ පුහුණුවීම් කරන අතර තුර ඇති වූ ආසනීප තත්ත්වයකින් කල්පිටිය දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ මසිරුර පුත්තලම මූලික රෝහලට යැවීමට කල්පිටිය දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇති අතර සිද්ධිය පිලිබඳ කල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.