කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ එම දූපතේ සිදුකළ වැටලීමකදී වියලන ලද මුහුදු අශ්වයන් කිලෝග්‍රෑම් 130ක් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 500ක් පොලීසිය මෙලෙස සොයා ගනු ලැබුවා.
සැකකරුවන් 31 සහ 46 හැවිරිදි වියේ පසුවන කල්පිටිය – පල්ලිවාසල්තුරේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
