කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් ලබා ගැනීමේදීයි. වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතු පාරිසරික බලපත්‍රය ලබාගැනීම සඳහා පොලිසියෙන් ලබාගත යුතු වාර්තාව ලබාදීමටයි ඔහු රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ඉල්ලා ඇත්තේ.
ඉන් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 3 ක මුදලක් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාව තුලදී ලබාගන්නා අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගැනුනා.
සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකාර පොලිස් නිලධාරියා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරි්පත් කිරීමට නියමිතයි.
