Gossips

කලවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

කලවාන – හගරංගල ප්‍රදේශයේදී තියුණු ආයූධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
සැකකරු සහ මොහු අතර කලක සිට පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඊයේ (22) මෙම ඝාතනය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.