Gossips

කලවානේ ඝාතකයා රක්ෂිත බන්ධනාගාරයට

කලවාන, හගරන්ගල, ගල්පාත්තිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා පුද්ගලයකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පෙරේදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (23) කලවාන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අතුරුව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි කලවාන පොලිසිය පැවසුවේ.
පසුගිය 22 වනදා සිදුව ඇති මෙම ඝාතනය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ආසන්නයේ ජීවත්වූ අසල්වැසියෙක් විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි එක්‌දරු පියෙක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු 61 හැවිරිදි අයෙක් බව සඳහන්.
මාර්ගයක් සම්බන්ධයෙන් කලක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට පත්වූ පුද්ගලයාගේ ගෙල ප්‍රදේශය කඳින් වෙන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය මුණුබුරා පාසල නිමවී නිවසට කැඳවාගෙන එන අවස්ථාවේදී අතර මඟ සිටි සැකකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.