Gossips

කලකිරීමෙන් බව මන්ත්‍රී කවින්ද කියයි

ආණ්ඩුව දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඊට එරෙහිව ඕනෑම බලවේගයක් සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
තමන්ට කලකිරීමක් ඇති වී ඇති බවද ඔහු සඳහන් කළා.
සොරකම් කළ පුද්ගලයින්ට තනතුරු ලබාදෙන බව ප්‍රකාශ කළ ඔහු, තමන් ඉදිකළ මාර්ගද ඇතමුන් විවෘත කරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කළේ ණය ලබාගෙන බවට අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආර්ථිකය මේ වනවිට කඩා වැටී ඇති බවටත්, ජනතාව ඉන් පීඩාවට පත්ව ඇති බවටත් මතයක් ගොඩනැගීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.