Gossips

කලකට පසු වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්

නව වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන ඇති අත්තනෝමතික තීරණයට එරෙහිව දැනුම්දීමකින් තොරව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් කළා.