Gossips

කරෙයිනගර් වෙරළේ දී නැතිවූ සිසු ජීවිතය

යාපනය, කරෙයිනගර්, කෝවලන් මුහුදු තීරයේදී පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (10) සවස තවත් සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා කරෙයිනගර් මුහුදු තීරයේදී දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.
මිය ගිය සිසුවා සමඟ දිය නෑමට ගිය අනෙක් සිසුන් තිදෙනාගෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම සිදුකරන බව අප වාර්තාකරු පවසා සිටියා.