Gossips

කරුවල්ගස්වැව මවට පැය 24ක රැදවුම් නියෝග

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද අවසර ලබාදුන්නා.
ඒ, ඇය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම අදාළ මව මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සාලියවැව පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර, අතුරුදන් වී සිටින සෙනොරි නිෂාරා දැරියගේ සිරුර සොයා අද 6 වන දිනටත් විල්පත්තු වනෝද්‍යානය සහ කලාඔය ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ කාර්ය බලකාය මෙන්ම නාවික හමුදා කිමිඳුම්කරුවන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
දියණිය තමන්ට වඩා මිත්තණියට ආදරය කරන බව පැවසීමෙන් හට ගත් කෝපය නිසා තමා සිය දියණියට පා පහරක් එල්ල කළ බවත්, ඉන් ඇය සිහිසුන්ව ඇද වැටුණු බවත්, මව සිය පාපොච්චාරණයේදී ප්‍රකාශ කර තිබුණා.
පසුගිය 29 වැනිදා ඇති වූ මෙම සිද්ධියේදී ප්‍රකෘති තත්ත්වයට ගැනීමට නොහැකි වූ දැරිය කලා ඔයට දැමූ බවයි සැකකාර මව පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

rnrnrnrnrnrn