Gossips

කරුණානිධි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

තමිල්නාඩුවේ ප්‍රවීන දේශපාලනඥයෙකු වන, ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ 94 හැවිරිදි මුත්තවේල් කරුනානිධි ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබෙනවා.
ඒ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවට කරුනානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් ප්‍රකාශයක් සිදුකර පැය කිහිපයක් ගතවීමට පෙරයි.
රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඔහු චෙන්නායි හි කාවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ නමුත් රුධිර පීඩනය මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.
හිටපු මහඇමති කරුණානිධි රෝහල් ගත කිරීමත් සමඟ තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂ අනුගාමිකයින් දහස් ගණනක් රෝහල ආසන්නයේ රොක් වී සිටිනවා.
පසුගිය කාලය තුළ කරුණානිධිගේ සෞඛ්‍ය තත්ත්වය සීග්‍රයෙන් පිරිහී ඇති අතර, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මෙන්ම මෑතකදී තමිල්නාඩු දේශපාලනයට පිවිසි කොලිවුඞ් සිනමාවේ සුපිරි තරුව රැජිණිකාන්ත් ද ඔහුගේ සුවදුක් බැලීමට පැමිණියා.