Gossips

කරුණානිධිගේ පක්ෂය බාල පුතාට

තමිල්නාඩුවේ ප්‍රවීන දේශපාලනඥ එම්. කරුණානිධිගේ අභාවයෙන් පසු ඩී.එම්.කේ. පක්ෂ නායකත්වයට ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් අද පත් කර ගැනුණා.
ඒ, චෙන්නායි නුවර පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ රැස්වීමකදියි.
කරුණානිධි වසර 49ක් ඩී.එම්.කේ. පක්ෂ නායකත්වය ඉසිලූ අතර ඔහු රෝගාතුර වීමෙන් පසු පක්ෂයේ කටයුතු මෙහෙය වනු ලැබුවේ ස්ටාලින් විසින්.
පක්ෂයේ සහය තමාට හිමි බව පවසන කරුණානිධිගේ වැඩිමහල් පුත් අලගිරි, ස්ටාලින්ට අභියෝගයක් කර තිබුණා.
කෙසේ නමුත් නරේන්ද්‍ර මෝදිට සහය දැක්වීම හේතුවෙන් අලගිරි, 2014 වසරේදී ඞී.එම්.කේ. පක්ෂයෙන් නෙරපනු ලැබුවා.