Gossips

කරුණානිධිගේ උරුමයට පුතුන් අතර ගැටුමක්

තමිල්නාඩු මහඇමති ධුරය 5 වරක් දැරූ මුත්තුවේල් කරුණානිධිගෙන් පසු ඩී.එම්.කේ. පක්ෂ නායක ධුරය සඳහා ඔහුගේ පුතුන් දෙදෙනෙකු අතර ප්‍රබල තරඟයක් හටගෙන ඇති බව දකුණු ඉන්දීය වාර්තා සඳහන් කළා.
කරුණානිධි 94 හැවිරිදිව සිටියදී පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර, ඔහු රෝගාතුර වූ දා පටන් පක්ෂයේ කටයුතු මෙහෙය වනු ලැබුවේ කරුණානිධිගේ පුත්‍රයෙකු වන එම්.කේ. ස්ටාලින් විසින්.
එහෙත් කරුණානිධිගේ වැඩිමහල් පුතු වන 67 හැවිරිදි එම්.කේ. අලගිරි දැන් ප්‍රකාශ කරන්නේ සිය පියාගේ අනුගාමිකයන් තමා සමඟ සිටින බවයි.
නරේන්ද්‍ර මෝදිට සහය පළ කිරීම නිසා ඔහු මීට සිව් වසරකට පෙර පක්ෂයෙන් පහ කරනු ලැබූ අතර, නැවතත් පක්ෂ සාමාජිකයන් අතරට පැමිණියේ සිය පියාගේ අවමංගල්‍ය උත්සවයේදියි.
මේ අතර, පක්ෂ නායක ධුරය තීරණය කිරීම සඳහා ඩී.එම්.කේ. පක්ෂය තීරණාත්මක රැස්වීමක් පැවැත්වීමට සූදානම් වන බව සඳහන්.