Gossips

කරුණානාධිගේ දේහය පිළිබඳ ගැටළුවක්

කරුණානාධිගේ දේහය මිහිදන් කිරීමේ ස්ථානය පිළිබඳ ගැටළුවක්
අභාවප්‍රාප්ත වූ තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධිගේ දේහය මිහිදන් කිරීමේ ස්ථානය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ, කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් දේහය මිහිදන් කිරීම සඳහා චෙන්නායි හි මෙරීනා ප්‍රදේශයේ ස්ථානයක් වෙන් කර දෙන ලෙස කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඇතුළු මිය ගිය තමිල්නාඩු ප්‍රභූවරුන් රැසකගේ දේහයන් මෙරීනා ප්‍රදේශයේ මිහිදන් කර තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ තීරණයට එරෙහිව කරුණානිධිගේ ඩී.එම්.කේ පක්ෂය ඊයේ රාත්‍රියේම චෙන්නායි අධිකරණයේ නඩුවක් පවරා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව අද දිනයේ අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අධිකරණය තමිල්නාඩු ප්‍රාන්ත රජයට නියෝග කර තිබෙනවා.
චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි ඊයේ (07) අභාවප්‍රාප්ත වන විට 94 වන වියේ පසුවුණා.