Gossips

කරුංකාත් ඉහළ යයි

කරුංකා මිල ඉහළ ගොස් ඇති බව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය වසරේදී රුපියල් 250ක්ව පැවති කරුංකා කිලෝවක් මේ වන විට වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 350ක මිලකටයි.
අමු පුවක් අලෙවි කිරීමට වඩා එය වියලා කරුංකා වශයෙන් අලෙවි කිරීමේදී වැඩි ඉල්ලුමක්, වෙළදපොළේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව අමු පුවක් අලෙවිකරන්නන් කරුංකා අලෙවි කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවද වාර්තා වනවා.