කරාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිබෙනවා.
රෝහලේ 58 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා අද අලුයම එම රෝහලේ ගොඩනැගිල්ලක 3න් වන මහලෙන් පැන සියදිවි හානි කර ගෙන ඇති බව සඳහන්.
මොහු පනස් දෙහැවිරිදි වැලිගම – දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
