Gossips

කරාපිටිය ශික්ෂණ රෝහලේ අද පෙරවරුවේ සිට සංකේත වර්ජනයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 7 සිට සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඞ් පර්මින් ට යළිත් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකිරීමට අනුමැතිය ලබාදීමට විරෝධය පළ කරමින්.
වර්ජනය හේතුවෙන් රෝහලෙහි සායනික කටයුතු බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු සහ ශල්‍යකර්ම නතර කර ඇති අතර, හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරනු ලබනවා.