කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 59 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වාට්ටුවේදීම මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බවයි.
මීට සති දෙකකට මොහු උදරයේ ශල්‍යකර්මයක් සඳහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට පැමිණ තිබෙනවා.
වේදනාව දරාගත නොහැකිව ඔහු මෙලෙස ගෙළ වැළලාගෙන ඇතැයි විශ්වාස කරන බව පොලීසිය සඳහන් කළා.
