කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ලබන සඳුදා සිට හෘද සැත්කම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
හෘද ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු රෝහල් අධ්යක්ෂවරයාට දැනුම්දී ඇත්තේ.
හෘද රෝගීන් සැත්කම්වලට භාජනය කිරීමෙන් අනතුරුව, රෝගීන් ඇතුළත් කෙරෙන්නේ මෙම දැඩි සත්කාර ඒකකයටයි.
එලෙස ඇතුළත් කෙරෙන රෝගින් කිහිපදෙනෙකු පසුගිය සති කිහිපයේදීම විෂබීජ ශරීර ගතවීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය හේතුවෙන්.
පසුගිය සඳුදා හෘද සැත්කමකට භාජනය කළ රෝගියෙකු මේ වනවිටත් විෂ බීජ ශරිර ගත වීම හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
2013 වසරේදී මෙම මධ්‍යම වායු සමීකරණ පද්ධතිය මාරු කරන ලෙස විදුලිබල මණ්ඩලය රෝහල් බලධාරින්ට දැනුම්දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඒ සඳහා ක්‍රියා නොකිරීම හේතුවෙන් 2015 වසරේ සිට මෙම මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන් අකර්මන්‍ය වී තිබෙනවා.
පසුව එය යළි ස්ථාපිත කිරීම සඳහා තුන් වරක් ටෙන්ඩර් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිම හෘද රෝගීන් සංඛ්‍යාවක් පොරොත්තු ලේඛණයේ සිටින්නේ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේට වන අතර, රෝගීන් 3000 කට අධික ප්‍රමාණයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ එම ලේඛණයේ සිටිනවා.
අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ බලධාරින් දැනුම්වත් කිරීමට වෛද්‍ය නාමල් ගමගේ මෙන්ම, කරාපිටිය ශික්ෂණ රෝහලේ බලධාරින් කටයුතු කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර ලැබී නැහැ.
හිරු ප්රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ ඊට අදාළ අමාත්‍යාංශ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරි සතිය තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.