වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව තිබීම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් ට යළිත් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
ඊට අදාළ උපදෙස් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක අදාළ ප්‍රතිකාර අංශ වෙත නිකුත් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.
අප කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා එය තහවුරු කළා.
කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහලේ ශාඛාව පසුගියදා චෝදනා කළේ මෙම වෛද්‍යවරයාට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති බවයි.
ඔහුට යළි සැත්කම් සිදුකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ශාඛාවේ සාමාජික වෛද්‍ය මංගල ගුණතිලක කියා සිටියේ අද පැවැත්වෙන ශාඛා සමිති රැස්වීමේදී ඒ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
