Gossips

කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි

කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි "
ඉන්දියාවේ දිල්ලි හි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ පිපිරීම සිදුවූ ස්ථානයේ සිටි 15 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් පිරිසක් එහි සිරවී සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
එම පිපිරීමත් සමඟ ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර එම සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම පිපිරීම ගෑස් සිලින්ඩරයක පිපිරීමක් බවට සැකපලකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.