Gossips

කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දැන් ආරම්භ වී තිබෙනවා.
ඡන්ද ගණන් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර, මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය අතර, තියුණු තරඟයක් පවතින බවයි.
ජනතා දාල් පක්ෂය ද සැලකිය යුතු වර්ධනයක් හිමිකර ගෙන ඇති අතර මීළඟ ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමේදී ඔවුන් තීරණාත්මක සාධකය වනු ඇති.
මීට සුළු වේලාවකට පෙර ආසන 222 කින් යුත් කර්නාටක ප්‍රාන්ත සභාවේ භාරතීය ජනතා පක්ෂය ආසන 91 කින් ද, කොංග්‍රස් පක්ෂය ආසන 83 කින් ද ඉදිරියෙන් සිටි අතර ජනතා දාල් පක්ෂය ඉදිරියෙන් සිටි ආසන සංඛ්‍යාව 40ක්.