සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්රිය බන්දු හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දැක්වූ ගෞරවය ඇතැම් දෙමළ නායකයින්ට එල්ල කළ කණේ පහරක් බව විශ්රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති තවත් ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා.
කිලිනොච්චිය ප්රදේශයේ හිටපු සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රත්නප්රිය බන්දු අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේදී ප්රදේශයේ ජනතාව ඔහුට ආචාරය පුද කළ කඳුලු පිරි දෙනෙතින්.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්රී ශිවාජිලිංගම් ඊට විරෝධය පළකළා.