Gossips

කර්නල්වරයා ඉදිරියේ සිදුකළ හැසිරීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක් – සිවාජිලිංගම්

අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිඳියාව මේ මහ පොළවේ පැළකළ හැක්කක් නොවේ.
නමුත්, ජනහද තුළින් මතු වූ මහ පොළවේ පැළ වූ සැබෑ සංහිඳියාවේ කතාවක් ඊයේ කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තා වුණා.
කිලිනොච්චිය ප්‍රදේශයේ කාගේත් ගෞරව බුහුමානයට ලක්වූ සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා පිටව යෑම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව හැඟීම්බර වූවා.
වසර 6 කට ආසන්න කාලයක් යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අප රට ඉල්ලා සිටින සංහිඳියාව ඒ බිම තුළ පැළ කර ඇති ආකාරයට තවත් නිදසුන් කුමටද..?
අවස්ථාවාදී දේශපාලනඥයින්ට අතුල් පහරක් එල්ල කරමින් කිලිනොච්චි ජනතාව සංහිඳියාවේ යථාර්ථය එසේ පෙන්වද්දී එම ක්‍රියාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට කළ ද්‍රෝහිකමක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිංලිගම් මේ අදහස් පළ කළේ අද යාපනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
එම්.කේ. සිවාජිලිංගම් – උතුරු පළාත් සභා මන්ත්‍රී
මෙම අවස්ථාවේදී අපේ ගම්වල ජනතාවගේ හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණත් හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි. දෙමළ ඊළම ඉල්ලලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක්. අදාළ කර්නල්වරයා හොද කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැදී සිටිය යුතුයි කියන මතය තවදුරටත් මිනිසුන්ගේ ඔළුවලට යනවා.