Gossips

කර්ණාටක මැතිවරණයෙන් මෝදිට වැඩි වාසි

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඊයේ (12) පැවති මැතිවරණයෙන් පැහැදිළි ජයග්‍රාහකයෙකු බිහි නොවන බව මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා.
සමීක්ෂණ 9 ක් අතුරින් 5 කින් ප්‍රකාශ වී ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිකරගන්නා පක්ෂය වනු ඇති බවයි.
රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය විශාලතම පක්ෂය වනු ඇති බව සමීක්ෂණ 4 කින් ප්‍රකාශ වනවා.
කෙසේ නමුත් ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරයක් හිමිවන බව ප්‍රකාශ වී ඇත්තේ සමීක්ෂණ 3 කදී පමණයි.
භාරතීය ජනතා පක්ෂයට සහ කොංග්‍රස් පක්ෂයට කර්ණාටක ප්‍රාන්තයේ ආසන 222 ක් අතුරෙන් 100 කට ආසන්න සංඛ්‍යාවක් බැගින් හිමිවිය හැකි බවයි මෙම සමීක්ෂණවලින් ප්‍රකාශ වන්නේ.
ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 112 ක්.
එහිදී ආසන 30 ක් පමණ හිමිකරගැනීමේ අවස්ථාවක් පවතින ජනතා දාල් පක්ෂය ඉන්දියාවේ තාක්ෂණ පුරවරය ලෙස හැඳින්වෙන කර්ණාටක ප්‍රාන්තයේ ඉදිරි පාලන බලය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය වනු ඇති.