Gossips

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදි ඉදිරියෙන්

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශේෂ ජයග්‍රහණයක් කරා යොමු වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (15) උදෑසන ආරම්භ වූ අතර මේ වන විට භාරතීය ජනතා පක්ෂය බහුතර රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 112කට වැඩි සංඛ්‍යාවක ඉදිරියෙන් සිටින බව සඳහන්.
ආසන 222කින් සමන්විත කර්ණාටක ප්‍රාන්ත සභාවේ ආසන 68කින් ඉදිරියෙන් සිටින්නේ කොංග්‍රස් පක්ෂයයි.
ජනතා දාල් පක්ෂය ද ආසන 40කින් පමණ ඉදිරියෙන් සිටිනවා.
මේ අනුව කොංග්‍රස් පක්ෂය සතුව තිබූ දකුණේ තවත් බල කොටුවක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමි වනු ඇති.