Gossips

කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රිමාන්ඩ්

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු ඊයේ ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් දුමින්ද ලේල්වල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
පසුගිය 15වනදා කහව – වේරගොඩ ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී ඌරගස්මංහන්දිය පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
වෙඩි තැබීම තමන් විසින් සිදුකළ බවට ඔහු පොලීසිය වෙත පාපොච්චාරණයක්ද සිදුකර ඇති අතර, ඊට යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවිය වෙනත් අයෙකුට ලබාදුන් බවයි ඔහු පොලීසියට සඳහන් කර ඇත්තේ.
28 හැවිරිදි වතුගෙදර විහාරගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු විදෙස් ගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බවටද පොලිස් පරික්ෂණවලදී අනාවරණ වුණා.