Gossips

කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කහව – වේරගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.
මෙම සැකකරු විදෙස් ගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
පසුගිය 8 වනදා රාත්‍රියේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටියදී කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුණා.
වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්.
පසුව ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් අනතුරට ලක්ව පෙරලී තිබියදී සොයා ගැණුනා.
ජංගම දුරකථන දෙකක් ද එම ස්ථානයේ තිබී හමුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඝාතනය වූ දිනට පසු දින එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඌරගස්මංහන්දිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඝාතනයට ලක් වූ 48 හැවිරිදි ඩොනල්ඞ් සම්පත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.