පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළා.
පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තම ගුවන් සේවා නියෝජිතයින්ගෙන් තොරතුරු දැනගන්නා ලෙසද ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙනවා.
