Gossips

කයිට්ස් පොලීසියේ කොස්තාපල්වරයෙකු ප්‍රහාරයකින් රෝහලේ

සොරකමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය යාපනය – කයිට්ස් පොලීසියේ කොස්තාපල්වරයෙකු සැකකරුගේ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මේ වනවිට කයිට්ස් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
තියුණු ආයුධයකින් සිදුකළ ප්‍රහාරයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.