Gossips

කමිටු වාර්තාව ජනපති පැමිණි පසු

ශ්‍රී ලංකා නිදහස් පක්්ෂය ඉදිරියේදී ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීම හා ඒ පිළිබඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබදව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එක්සත් ජාතික පක්ෂය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.