Gossips

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ ඔහු එම ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටියේ.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ, රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් රැල්ෆ් නුගේරා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නව රෙජිමේන්තු අධිපතිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස එම ධුරයේ රාජකාරි භාර ගෙන තිබෙනවා.
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු අධිපතිවරයා ලෙස ද දැනට රාජකාරි කරනවා.
එමෙන්ම, ඔහු නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා.