Politics Sri Lanka

කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය

කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය

තමිල්නාඩු සිනමාවේ පෙරළිකාර රංගණශිල්පියෙකු වන දකුණු ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුපිරි නළු කමල් හසන්ගේ නායකත්වයෙන් නවතම දේශපාලන පක්ෂයක් බිහි කර තිබේ.

“මක්කල නීදි මයියම්” යන නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා මෑතක ඉන්දීය මැතිවරණ දේශපාලනය තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ “ආම් ආද්මි” පක්ෂයේ නායක අර්වින්ද කෙජ්‍රිවාල්ද සහබාගී වී ඇති අතර එය මෙම අවස්තාව වඩාත් කැපීපෙනීමට හේතු විය.

දූෂණ සහ වංචා සම්බන්ධව කූප්‍රකට ඉතිහාසයක් ඇති දකුණු ඉන්දීය දේශපාලන කරලියේ “දූෂණයට එරෙහි දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක්” බිහිවීමේ අවශ්‍යතාව ගැන මෙම අවස්ථාවේදී දැඩි ලෙස කතා බහට ලක්වී ඇත.

“මක්කල නීදි මයියම්” පක්ෂයේ නිල ලාංචනය සහ කොඩිය නිරාවරණය කරමින් කමල් හසන් දකුණු ඉන්දීය දේශපාලනයේ නව දිශානතියක් ගැන ඉඟි දෙන ප්‍රකාශයක් සිදු කර තිබේ. විශේෂයෙන් අත් 6කින් එකිනෙක තදින් ග්‍රහණය කර සිටින ආකාරයක් නිරූපනය කිරීම තුළින් තමන් අදහස් කරන්නේ දකුණු ඉන්දීය ප්‍රාන්ත 06 පිළිබඳව බවත් මැද ඇති තරුවෙන් නිරූපනය වන්නේ සත්‍ය, ජනතාව සහ යුක්තිය බවත් ප්‍රකාශ කර ඇත. මෙයින් දකුණු ඉන්දියාව වෙනම සාමූහික බල කේන්ද්‍රයක් දක්වා පරිවර්තනය වීමේ ශක්‍යතාවයක් මෙන්ම අභිනව පක්ෂයේ දේශපාලන නියෝජනය තුළ දකුණු ඉන්දීය ප්‍රණ්ත හයේම සහභාගීත්වය දක්වා පුළුල් කිරීමේ සැලසුමක් පවතින බවද කියා තිබේ.

නව පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා 15000කට අධික ජනකායක් සහභාගී වීමද විශේෂත්වයකි.

නවපක්ෂයේ දේශපාලන මතවාදය කුමණ දේශපාලන ප්‍රවාහයේද යන්න පිළිබඳව නොසිතන බවත් ඒ වෙනුවට “ජනතා සුභසාදනය වෙනුවෙන් සහ වංචා දූෂණවලට එරෙහිව” ක්‍රියාත්මක වීම තුළින් මධ්‍යම සහ කුණු ආසියාවේ නැගී එන දූෂණ විරෝධී රැල්ලට අනුගතවීමේ සූදානම පැහැදිලි කර තිබේ.

මෙම රැලිය, මුන්නේෂ්වරම් හි පිහිටි හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් අනුස්මරන මධ්‍යස්ථානයේ පැවැත්වීමද විශේෂත්වයකි.