සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන අද අවසන් වුණා.
ඒ අනුව, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද පස්වරුවේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ යළි තැන්පත් කළා.
අනුරාධපුර – ජේතවනාරාම පුදබිමේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අත්තනගල්ල රජමහා විහාරය වෙත ඊයේ වැඩම කරවනු ලැබූ අතර, ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් එහි පැමිණ සිටියා.
අනතුරුව, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවනු ලැබුවේ හංවැල්ල – පහත්ගම පුරාණ රජමහා විහාරස්ථානයටයි.
එහි සිට යළිත් රිය පෙරහරින් කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කරවනු ලැබුවා.