දුරකථනයෙන් තර්ජනය කොට බිය වද්දා, කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෝමාගම සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු ඊයේ (08) මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට දුරකථනයෙන් තර්ජනය කොට බිය වද්දා, රුපියල් ලක්ෂ 35ක කප්පම් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
