Gossips

කප්පම් කල්ලියක් කොටු වෙයි

මාතලේ නගරයේ බස් රථ රියදුරන්ගෙන් හා පාසල් සිසුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවටගත් බව මාතලේ පොලිසිය පවසනවා.
මාතලේ සිට ගම්මඩුව බලා ධාවනය කෙරෙන පුද්ගලික බස් රථයකින් කප්පම් මුදල් ඉල්ලා එහි රියදුරුට පහරදිමක් සිදු කළ බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ විහාරපාර හා කළුදැවල ප්‍රදේශයේ පදිංචි අදාළ සිද්ධියට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිළිබද සිදු කරන ලද විමර්ශනයන්ගෙන් මෙවුන් මාතලේ නගරයේ හා ගොංගාවෙළ හා අඹගහමුල බස් නැවතුම්පලෙහි රැදි සිටිමින් පාසල් සිසුන්ගෙන් හා උපකාරක පංති සදහා නගරයට පැමිණෙන සිසුන්ගෙන් කප්පම්මුදල් ලබා ගැනිම සිදු කර ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසියි සදහන් කළා.
පාසල් සිසුන් බිය ගන්වා මුදල් ලබා ගැනිමට අමතරව පුද්ගලික බස්රථ රියදුරන්ගෙන් කප්පම්මුදල් ලබා ගනිමින් ලබාගන්නා එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතාකිරිම වෙනුවෙන් යොදාගෙන ඇති බව වැඩිදුර පරික්ෂණවලින් හෙළිව තිබෙනවා.
සැකකරුවන් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.