තරුණියන්ගේ නිරුවත් ජායාරූප රැගෙන ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ.මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වුණා.
පසුගිය දිනක හිරු සී.අයි.ඒ.ඇමතූ මෙම තරුණිය පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු කාන්තාවන් සමග පෙම් සබදතා ඇති කරගනිමින් සූක්ෂමව තාවකාලික ලැගුම්හල් කරා කැදවා ගෙන යන බවයි.
එහිදී ඔහු ජංගම දුරකථනනයකින් කාන්තාවන්ගේ නිරුවත් ජායාරූප හා වීඩියෝ දර්ශන ලබාගැනීම පුරුද්දක් ලෙස සිදුකර ගෙන ගොස් තිබෙනවා.
තරුණිය පැවසුවේ මොහුගේ පෙම්වතිය වී සිටි සමයේ තමා ද ඔහුගේ ගොදුරක් වු බවයි.
