Gossips

කඳු තරණය කරන රටම දන්න සුරූපිනිය අභිරහස් ලෙස මරුට

සුරූපී කඳු තරණය කිරීම සිය විනෝදාංශය කරගත් සුරූපී කාන්තාවකගේ අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තායිවානයේ Gigi Wu නමැති 36 හැවිරිදි කාන්තාවක්.
ඇය එරට වඩාත් ජනප්‍රිය වන්නේ Bikini Hiker නම් අනුවර්ත නාමයෙන්.
ඒ ඇය සෑම කඳු තරණය කරන අවස්ථාවකදීම Bikini ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන්.
අභිරහස් ලෙස මියගිය ඇයගේ සිරුර සොයාගන්නා විටත් එය අධික ලෙස සීතලට ලක්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට බලධාරීන් සැකපලරන්නේ එම අවස්ථාවේ දීද ඇය Bikini ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන් දැඩි සීතල දරාගැනීමට නොහැකිව මියයන්නට ඇති බවටයි.