Gossips

කඳුරුවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්න පාලනය කෙරේ

පොළොන්නරුව – කඳුරුවෙල නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
අද (19) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය මැඬ පැවැත්වීම සඳහා පැයක පමණ කාලයක් ගත වූ බවයි පොලීසිය සඳහන් කළේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නෙන් රුපියල් මිලියනයකට ආසන්න දේපළ විනාශ වී තිබෙනවා.
වෙළඳසැල් සංකීර්ණයේ පහත මාලයේ පිහිටි වෙළඳසැල් 6කට ගින්නෙන් හානි සිදුව ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේදී කිසිවෙකු එහි සිට නැහැ.