Gossips

කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනයට ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක්

කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඇමරිකානු ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගම වෙතින් මිලදී ගන්නා එම එක් දුම්රිය එන්ජිමක මිල ඇමරිකානු ඩොලර් මිලියන 04 කට අධිකයි.
මෙම කොන්ත්‍රාත්තුවට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිල ද සිල්වා විසින්.
ශ්‍රී ලංකා දුම්රිය සේවය පසුගිය 2016 වසරේදී රුපියල් බිලියන 6.7 ක පාඩුවක් වාර්තා කළා.