Gossips

කඳුකරයේ පක්ෂවලින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 1200 දක්වා වැඩි කිරීමේ යෝජනාවට රජය එකඟ නොවන්නේ නම් වතුකරය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහය ලබාගෙන ඉදිරි අයවැයේදී රජයට සහයෝගය ලබා නොදීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර කොළඹ ඊයේ (09) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට පැමිණි බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල් කියා සිටියේ.