Gossips

කඳානේ දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, දඬුගම්ඔයට පැන මරුට

කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගොඩ සංජීව ජාඇල – දඬුගම්ඔයට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
අද අලූයම මොහු අනුරාධපුරයේ සිට අත්අඩංගුවට ගෙන පෑලියගොඩට රැගෙන එමින් සිටියදී ශරීර කෘත්‍යය සඳහා වාහනය නතර කරන ලෙස ඉල්ලා ඇති බව සදහන්.
කිහිප වතාවක් ඔහු කළ ඉල්ලීම අනුව වාහනය නතර කළ විට සැකකරු වහා දිව ගොස් දඬුගම්ඔයට පැන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මොහු දැනට බන්ධනාගාරගතව සිටින ගනේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයා බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.
කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් 30 වන දා මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක කිසිවෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.
පසුව අනාවරණ වූයේ එම කාන්තාව, ඉලක්කය වැරදී මෙලෙස ඝාතනයට ලක්වී ඇති බවයි.