කඳාන දුම්රිය ස්ථානය අසලදී කොකේන් ග්‍රෑම් 90 යි මිලිග්‍රෑම් 798 ක් සමගින් විදේශිකයන් දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊශ්‍රායල සහ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ කොකේන් ජාවාරමේ නිරතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.