Gossips

කඳවුරු ඉවත් නොකරන බවට, හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට තුළ කිසිදු යුද හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.
යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම් පිළිබද ඇතැම් අවස්ථාවාදි දේශපාලනඥයන් සහ මාධ්‍ය නොයෙකුත් අසත්‍ය මෙන්ම ද්වේෂසහගත තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පාලනමය රාජකාරි සදහා යොදවා සිටින භට පිරිස් ඉන් මුදවා ඔවුන් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර රාජකාරි සදහා යෙදවීම යුද හමුදාව නිරන්තරයෙන් කළ කාර්යයක් බවත් එමගින් යුද හමුදාවේ කාර්යක්ෂමතාව දෙගුණයකින් පමණ වැඩි බවත්, යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.
එය බළඇණි වසා දැමීමත් නොව බලඇණි යටපත් කිරිමක් පමණක් වන අතර එම බල ඇණි වල මානව හා භෞතික සම්පත් අනෙකුත් බල ඇණි අතර සමානුපාතිකව බෙදාහැරෙන බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ තීරණ ක්‍රියාත්මක නොකරන බව පෙන්වා දෙන යුදහමුදාපතිවරයා සිය නිවේදනයේ මගින් අවධාරණය කර ඇත්තේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ ලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් කිසිදු යුද හමුදා කරඳවුරක් වසා නොදමන බවයි.