Gossips

කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම දෙලොවක් අතර අතරමං

සමහරක් දෙමාපියන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හෙට දිනයේදී මියන්මාරය බලා පිටත්ව යාමට සූදානමින් දෙලොවක් අතර අතරමංව සිටින කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම වෙනුවෙනුයි අද රෙඩ් කාඩ් වෙන්වන්නේ.
මියන්මාරයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ වයස අවුරුදු 15 න් සහ 17 න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගී වන 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා තෝරාගනු ලැබුවේ තේරීම් තරගාවලියකින් අනතුරුවයි.
එහිදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් තරගකරුවන් තිදෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට යන්නේ සිය දෙමාපියන්ද සමගින්.
අනතුරුව ජාතික තේරීම් කමිටුවේද අනුදැනුම මත ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට දන්වන්නේ අදාළ ක්‍රීඩකයින් තිදෙනාද ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට එක්කර ගන්නා ලෙසයි.
නමුත්ල මෙම ඔවුන් තිදෙනාගෙන් වයස අවුරුදු 17 න් පහළ තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ එක් ක්‍රීඩකයෙකුගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ හිතුවක්කාරි ක්‍රියාකලාපය නිසා සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමටම මෙම තරගාවලිය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.