ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වී තිබෙනවා.
පෞද්ගලික චාරිකාවක් ලෙස ඔහු දැන් මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ ට්‍රම්ප් දේපල සංවර්ධන සමාගමේ ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීම සදහායි.
එහිදී ඔහු සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීම සදහා විශාල මුදලකට ප්‍රවේශපත්‍ර නිකුත් කරමින් පුවත්පත්වල දැන්වීම් පළවීම පිළිබදව ඇතැමුන් විවේචන එල්ල කළා.
කෙසේ නමුත්, ඔහු සදහන් කර ඇත්තේ සිය ජනාධිපති පියාගේ පරිපාලනය සහ සමාගම අතර පවුරක් ගොඩනගා ඇති බවයි.
ට්‍රම්ප් දේපල සමාගම මගින් ඉන්දියාවේ – මුම්බායි, නවදිල්ලිය – ගුරුගාවොන් සහ කොල්කටා හි දැවැන්ත මහල් කුළුණු සංකීර්ණ රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.