විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු කන්දකැටිය කහගොල්ලඅරාව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
43 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
