Gossips

කන්තලේ ගම්වාසීන්ට පහරදුන් වලහා මරුට

කන්තලේ 97 – සිරාජ් නගර් ප්‍රදේශයේදී වෙළඳසැල් දෙකකට ඇතුළු වූ වලහෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
පසුව මෙල්ල කිරීමට පැමිණි කන්තලේ වනජිවි කාර්යාලයේ නිලධාරින්ට ද වලහා පහරදී තිබෙනවා.
එහිදී සිදුවූ වෙඩි තැබීමකින් වලහා මියගිය බවයි වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම වලහා අවස්ථා කිහිපයකදී මෙලෙස ගම්වැසියන්ට පහරදී ඇති බවයි.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වනජිවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය වලහාගේ සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකරන බවයි.