Gossips

කන්තලේදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

කන්තලේ – සූරියපුර ප්‍රදේශයේ කුඹුරුයායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී ඇතිවූ කම්පන තත්ත්වය නිසා තවත් පුද්ගලයෙකු කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා 59 හැවිරිදි සූරියපුර – සමනල පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.