Gossips

කන්ටේනර් රථයක සැඟවුණු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 ක්

මධ්‍යම ඇමරිකානු රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට තැත් කළ 200 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් ටෙක්සාස් දේශසීමා ප්‍රදේශයේදී කන්ටේනර් රථයකින් සොයාගෙන තිබෙනවා.
එහි සැඟවී සිටි මොවුන්ට ආහාර හෝ ජලය ප්‍රමාණවත් ලෙස නොතිබූ බවද සඳහන්.
ගෝතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් ආදී රටවලින් මෙම සංක්‍රමණිකයන් ඇමරිකාවට ගෙන යාමට තැත් කළ මිනිස් ජාවාරම්කරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගැනුනා.
මෙම සංක්‍රමණික පිරිසට දෙමාපියන් නොමැතිව පැමිණි ළමයින් 24 දෙනෙකුද ඇතුළත්.