Gossips

කන්ටේනර් ගාස්තු 15%කින් හෙට සිට ඉහළට

බහාලූම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ නැංවීම හෙට සිට ක්‍රියාත්මකයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ බහාලූම් රථවල අමතර කොටස් මිල ගණන් ඉහළ යාම හමුවේ මෙම තීරණයට එළඹුණු බවයි සමස්ත ලංකා බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංසදයේ සම සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම සඳහා ලබන 22 වන දා වන විට බලධාරීන්ගෙන් අවසරය නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.